Monday, October 21, 2019

ක්‍රොස් රේල් - CrossRail in London



CrossRail යුරෝපයේ විශාලතම ව්‍යාපෘතියක්. වසර 10ක් පුරා නිම කෙරමින් පවතින ධාවනමං  දෙකකින් සමන්විත ව්‍යාපෘතිය මගින් කාර්යබහුල වේලාවන්වලදී එක් දිශාවකට පැයට දුම්රිය 24ක් දක්වා දාවනය වීමට සැලසුම් කර ඇත. 



කිලෝ මීටර් 100කට වැඩි දුරක් විහිදෙන මෙමගින් ලන්ඩන් නුවර නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරනු ලබයි. ව්‍යාපෘතිය මුලදී පවුම් බිලියන 15.4ක් ලෙස ඇස්තුමේන්තු කලද මේ වෙනවිට ගණන් බලා ඇති පරිදි පවුම් බිලියන 17.6ක් පමණ වැයවේ යැයි පැවසේ.

කෙසේ නමුත් ව්‍යාපෘතිය මේ වෙනවිටත් සැලසුම් කල කාලයට වඩා පමාවී ඇත.



Sunday, October 20, 2019

ශ්‍රී ලංකාවේ වැඩිම වියදමක් දරණ ලද ව්‍යපෘති

ශ්‍රී ලංකාවේ මෙතෙක් වැඩිම වියදමක් දරණ ලද ව්‍යපෘති පිළිබද විමසුමකි.

මත්තල ගුවන්තොටුපල 

හම්බන්තොට ඉදිකෙරුණු ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපලයි. ඇමරිකානු ඩොලර් මිලියන 209ක් යොදවන ලද අතර. මිලියන 190ක් චීනයෙන් ණය වශයෙන් ලැබුණි. 10,000 m2ක මගී පර්යන්තයක් සහිත වන අතර වසරකට මිලියනයක මගී සංක්‍යාවක් හැසිරිය හැක. 1,000 m2ක (වසරකට ටොන් 50000ක්) භාණ්ඩ හැසිරිවීමේ පහසුකම්ද සහිතය.

ලෝකයේ වැඩිම භාණ්ඩ හසුරවන ගුවන්තොටුපළවල් 

මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය

හම්බන්තොට වරාය ලෙසද  ප්‍රසිද්ධය. ලොව ප්‍රථම අභ්‍යන්තර වරාය වේ. As for the loan costs and repayment, “the total cost of financing the Hambantota Port (capital plus interest) will be $ 1,761 million by the time the loan expires in 2036. Payments were paid by SLPA.

2017දී අත්සන් කෙරුණු බදු ගිවිසුමක් මගින් වරාය වසර 99කට චීනයට බදු දෙන ලදී. මෙයින් ඩොලර් බිලියන 1.12ක් ලංකාවට ලැබුණු අතර චීනයේ ණය ගෙවීමට යොදවනබව පැවසුනි.

Sunday, October 13, 2019

ඉරානය ගැන බිදක්

මිලියන 82ක ජනගහනයක් සහිත ඉරානය මැදපෙරදිග දෙවන විශාලතම රටයි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. ටෙහෙරාන් ඉරානයේ අග නගරයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර රටවල් විසින් ඔවුන්ට අවැසි පාලකයෙක් 1953දී පත් කලද පසුව ඉරාන් විප්ල‍වයෙන් පසු 1963දී පාලනයක් පිහිටුවන ලදී. 1980 කාලයේදී ඉරාකය සමග ඉරානය දරුණු යුද්ධයක නිරත විය. 

ඉරානය දිනකට බොර තෙල් බැරල් මිලියන 4 ක් නිෂ්පාදනය කරයි. ලෝකයේ ඛණිජ තෙල් සංචිතවලින් 1/10 ක් පිහිටා තිබෙන්නේ ඉරානයේය. ඒ අනුව ඉරානය, ලෝකයේ 4 වැනි විශාලතම ඛණිජ තෙල් නිෂ්පාදකයා බවට ද පත්ව තිබේ. පර්සියානු ගල්ෆ් සාමාජිකයෙකු වන ඉරානය ඒ අනුව එම පර්සියානු ගල්ෆ් අරාබි රටවල් 7 හි එක් සාමාජිකයෙක්ද වේ. ලෝකයේ ඛණිජ තෙල් සංචිතවලින් 60%ක්ම පිහිටා තිබෙන්නේ පර්සියානු ගල්ෆ් කලාපයේ ය. මේ රටවල් 7 වන්නේ ඉරාකය, ඉරානය, බහරේන්, ඕමානය, කටාර්, ක්වේට්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

ඉරාන වැසියන්ගෙන් 98%ක් පමණම ඉස්ලාම් ආගමිකයන් ය. එයින් ද 89%ක්ම ෂියා මුස්ලිම්වරුන් ය. සුන්නි මුස්ලිම් වැසියන් 9%ක් පමණ සිටින අතර, ඉතිරි 2% ක්‍රිස්තියානි, බහායි, යුදෙව් සහ සියොනිස්ට්වාදීන් ය. නමුත් ඔවුන් පැවතගෙන එන්නේ එකිනෙකට අතිශයින් වෙනස් වාර්ගික කණ්ඩායම්වලින් වීම පුදුම සහගත ය. 

ඒ අනුව ඉරාන ජාතිකයන් ඉරානයේ සිටින්නේ 61%ක් පමණයි. 16%ක් අසිරි ජාතිකයන් ය. කුර්දිවරුන් 10%කි. ලුර්වරුන් 6%කි. බලූක් ජාතිකයන් 2%කි. අරාබි ජාතිකයෝ ද, තුර්කිමෙනිස්ථානියෝ ද වෙනත් තුර්කි ගෝත්‍රවලින් පැවතගෙන එන්නෝ ද ඒ අතර වෙති.

ඉරානය, ඉතිහාසයේ වැඩිම කාලයක් තුළ ලෝකයේ පැවතියේ පර්සියාව වශයෙනි. නමුත් 1925-1941 කාලයේ ඉරානයේ ෂා රජුගේ පෙළපතට අයත් රේසා ෂා පල්පවි රජු සිය රට පර්සියාව නොව ඉරානය වශයෙන් හඳුන්වන්නට පටන් ගත්තේය. 1935 නව වසරේ පටන් එය නිල වශයෙන් ඉරානය ලෙස හැඳින්වේ. 1979 වසරේ ෂා රජ පෙළපත, ඉරාන පූජකයන් විසින් අතුගා දැමීමෙන් පසුව ඉරානය, ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුව බවට නිල වශයෙන් පත් විය.

කලාපීය තත්ත්වය​

සෞදි අරාබිය සහ ඉරානය පර්සියානු බොක්ක කලාපයේ ප්‍රබලයා වීම සඳහා තරගයක නියැලෙන බව ප්‍රකට කරුණක්. මීට දශක කිහිපයකට පෙර ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය පිහිටුවා ගනු ලැබුණේ සෞදිය සහ මිත්‍ර රටවල් අතර සහයෝගය වර්ධනය කරන අදහසින්. මෙම කවුන්සිලයට සෞදි අරාබියට අමතරව බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර්, කුවේට්, ඔමාන් යන රටවල් අයත් වනවා.


2017 ජූනි 5 වන දා සෞදි අරාබිය සහ තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග සබඳතා අත්හිටවූවා. මීට ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයෙන් එක් වූයේ එක්සත් අරාබි එමීර් සහ බහරේන් යන රාජ්‍යයන් පමණ යි. කෙසේ නමුත් මේ සමග ඉරානය සහ කටාර් අතර සබඳතා වර්ධනය වුණා.

Tuesday, October 8, 2019

ෆෙඩරල් ක‍්‍රමය සහ බලය බෙදාහැරීම

සී. වී. විවේකානන්දන් –

2013 ඔක්තෝබර් 11 වැනි දා පැවති උතුරු පළාත් සභා මැතිවරණයේ දී ‘දෙමළ ජාතික සන්ධානය’ ස්වකීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වූයේ ෆෙඩරල් ක‍්‍රමයේ තෙස්තමේන්තුවක් වශයෙනි. එය මුළුමණින් අනුමත කළ එහි පදිංචි ඡුන්දදායකයෝ ආසන 38 න් 30 ක්ම එම පක්ෂයට ලබා දුන්හ.

එක්තරා කාලයක සිංහල නායකයන් ෆෙඩරල් ක‍්‍රමයේ පුරෝගාමීන් වන විට දෙමළ ජාතිකයෝ ඊට බලවත් සේ විරෝධය පෑහ. එහි දී දෙමළ ජාතිකයන් ඉල්ලා සිටියේ, ඒකීය රාජ්‍යයක් තුළ, වාර්ගික අවශ්‍යතා මත පදනම් වන පාර්ලිමේන්තුවාදී නියෝජනයකි.

SWRD and SJVදැන්, ඒ රැුල්ල කණපිට හැරී ඇත. දෙමළ නායකයන් ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලා සිටින විට සිංහල නායකයන් ඒ දෙස බලන්නේ සැකයෙනි. ෆෙඩරල්වාදය, වෙන් වීමකට පාර කපන්නකැ යි සිංහලයන් අද සිතන නිසා, එවැනි ක‍්‍රමයක් මත බලය බෙදාහැරීමකට ඇති ඉඩකඩ ඇහිරී ගොස් තිබේ.

බණ්ඩාරනායකගේ ෆෙඩරල් සංකල්පය

මහ මුදළිඳු ශ‍්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ එකම පුතා වන එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ඔක්ෆෝර්ඞ් විශ්ව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි. 1925 දී උසස් අධ්‍යාපනය අවසන් කොට ඔහු ආපසු දිවයිනට එන විට, එදා ‘සිලෝන්’ නමින් හැඳින්වුණු ලංකාවේ ප‍්‍රධාන දේශපාලනික කතිකාව තුළ ෆෙඩරල් සංකල්පය හඳුනාගෙන තිබුණේ යාන්තමිනි. එම වසරේම, රටේ ජාතික නිදහස එල්ල කොටගෙන ඔහු ‘ප‍්‍රගතිශීලී ජාතික පක්ෂය’ නමින් නව පක්ෂයක් පිහිටුවා ගත්තේය.

මේ ‘ප‍්‍රගතිශීලී ජාතික පක්ෂයේ’ ව්‍යවස්ථාව තුළ ෆෙඩරල් ක‍්‍රමයක ස්වභාවයත්, එහි පරිමාවත් සවිස්තරාත්මකව සඳහන් විය. එම ෆෙඩරල් ක‍්‍රමය පළාත් නවයක් මත පදනම් විය යුතු බවත්, ඒ සෑම පළාතකටම පූර්ණ ස්වායත්ත භාවය තිබිය යුතු බවත් එයින් කියැවිණ. එසේම, ෆෙඩරල් ආණ්ඩුව මණ්ඩල දෙකකින්, එනම්, ‘සෙනේට් සභාව’ සහ ‘ව්‍යවස්ථාදායක සභාව’ වශයෙන් සමන්විත විය යුතු බවත් දැක්විණ.

‘‘අපේ රටේ ජීවත් වන විවිධ ජාතීන් අතර පවතින වෙනස්කම් හේතුකොටගෙන, අපට ඔබින එකම විසඳුම වන්නේ ෆෙඩරල් ක‍්‍රමයේ ආණ්ඩුවක් ස්ථාපිත කර ගැනීම’’ බව, එම ‘ප‍්‍රගතිශීලී ජාතික පක්ෂ’ ව්‍යවස්ථාවේ සඳහන් විය.

‘‘දේශීය තත්වයන්, විශේෂයෙන්, ජාතික වෙනස්කම් ගැන සළකා බැලීමේ දී, එවැනි වෙනස්කම් අවම කිරීමටත්, ඒවා කෙමෙන් සමනය කිරීමටත් දායක විය හැකි වඩාත් පිළිගත හැකි ක‍්‍රමය වන්නේ ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් බව අප බොහෝ දෙනාගේ හැඟීම’’ යැයි බණ්ඩාරනායක ප‍්‍රකාශ කෙළේය. තවදුරටත් ඔහු මෙසේ ද කීය: ‘‘එවැනි ආණ්ඩු ක‍්‍රමයක්, විශේෂයෙන් ස්විට්සර්ලන්තය වැනි වෙනත් රටවල ජාතික සමගියට තුඩු දී ඇත. ලංකාවේ වර්තමාන පළාත් නවය එසේම තිබිය යුතු බවත්, ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමය ඒ මත පදනම් විය යුතු බවත් අපි විශ්වාස කරමු.’’

ඒකීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධ වූ ඔහු, ලංකාවේ තත්වයන්ට ගැළපෙන්නේ ෆෙඩරල් ක‍්‍රමයක්ම බව පෙන්වා දුන්නේ එලෙසිනි.

ඔස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව සහ කැනඩාව වැනි ස්වයං-පාලනයක් සහිත ඩොමිනියන් රාජ්‍ය සියල්ලකම ඇත්තේ ෆෙඩරල් ක‍්‍රමයකි. ශ‍්‍රී ලංකාවට වඩාත් ගැළපෙන නිදර්ශනය වුණේ ස්විට්සර්ලන්තයයි. එය කුඩා රටකි. එහෙත් එම රටේ ජාතීන් තුනක් -ප‍්‍රංශ, ජරමානු සහ ඉතාලි- වශයෙන් ජීවත් වෙත්. එහි සෑම කැන්ටනයක්ම (පළාත් ඒකකයක්ම) තමන්ගේ කටයුතු තමන්ම පාලනය කරගත්තේය. විදේශ කටයුතු, මූල්‍ය සහ ආරක්ෂාව පමණක් ෆෙඩරල් ආණ්ඩුවෙන් මෙහෙයැවුණි.

ඒ. ගොඩමුණේ නායකත්වය සැපයූ ‘උඩරට ජාතික සභාව’ සහ එකල විසූ වෙනත් දේශපේ‍්‍රමීන් ද, ඩොනමෝර් කොමිෂන් සභා කාලයේ සිට සෝල්බර් කොමිෂන් සභාව දක්වාම ඉල්ලා සිටියේ ෆෙඩරල් ක‍්‍රමයකි.

දෙමළ විරෝධය-යාපනේ කොන්ග‍්‍රසය

බණ්ඩාරනායක රට පුරා ඇවිදිමින් ෆෙඩරල්වාදයේ උසස් ප‍්‍රතිපත්ති ප‍්‍රචාරය කරමින්, ඒ ගැන ජාතික පුවත්පත්වලට ලිපි ලේඛන සපයමින් සිටින අතරේ, ‘උඩරට ජාතික සභාවත්’ ලංකාවට ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලමින් සිටින අතරේ, දෙමළ ජාතිකයෝ ඊට ඉඳුරාම විරෝධය පෑහ. එස්. එච්. පෙරියනායගම්ගේ නායකත්වය යටතේ පිහිටුවා ගත් ‘යාපනේ ශිෂ්‍ය සංගමය’ හෙවත් ‘යාපනේ තරුණ කොන්ග‍්‍රසය’ වශයෙන් පසුව හැඳින්වුණු ව්‍යාපාරය, ෆෙඩරල් ක‍්‍රමයට විරුද්ධ වෙමින් ඒකීය ආණ්ඩු ක‍්‍රමයක් ඉල්ලා සිටියහ.

දෙමළ කොන්ග‍්‍රසය

මේ අතර ජී. ජී. පොන්නම්බලම් 50-50 ඉල්ලීම ඉදිරියට දැම්මේය. එනම්, ඒකීය ව්‍යවස්ථාවක් තුළ සමාන නියෝජනයකි. ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ගැන 1937 සළකා බැලෙන අවස්ථාවේ එවක ආණ්ඩුකාර ශ‍්‍රීමත් ඇන්ඩෘ කැල්ඩෙකොට් වෙත පොන්නම්බලම් ඒ යෝජනාව ඉදිරිපත් කළත් එය ප‍්‍රතික්ෂේප කෙරුණි. පොන්නම්බලම් කවදාවත් ෆෙඩරල් ක‍්‍රමයකට කැමැත්තක් නොදැක්වීය. ඔහුගේ ප‍්‍රතිපත්තිය වුණේ, ඒකීය රාජ්‍ය ව්‍යුහයක් තුළ, ‘ප‍්‍රතිචාරාත්මක සහයෝගයකි’.

ෆෙඩරල්වාදය සඳහා දෙමළ පැත්තේ ප‍්‍රථම ඉල්ලීම

දෙමළ කොන්ග‍්‍රසය, ‘සුදන්දිරන්’ නමින් සතිඅන්ත පුවත්පතක් පටන්ගත්තේය. මසකට රුපියල් 60 ක් වැනි එකල ආකර්ශනීය වැටුපක් සහිත ලිපිකාර තනතුරක් සඳහා අයදුම්පත් කැඳවන දැන්වීමක් මේ පුවත්පතේ පළවිය. ලිපිකරුවාට පැවරුණු රාජකාරිය වුණේ, සෝල්බරි කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත 50-50 ඉල්ලීම සඳහා වන සන්දේශය පිළියෙල කිරීම සඳහා පක්ෂ නායක ජී. ජී. පොන්නම්බලම් සහ නියෝජ්‍ය නායක එස්. ජේ. වී. චෙල්වනායගම්ට සහාය වීමයි. මයිල්වාගනම් නාගරතිනම් නැමැති තරුණයෙකු එම තනතුර සඳහා තෝරා ගැනුණි.

ඒකීය රාජ්‍ය ක‍්‍රමයක් තුළ 50-50 ඉල්ලීමෙන් සුළු ජාතීන්ට අත්විය හැකි සේවයක් නැති බව මේ තරුණයාට හැඟුණි. ඒ වෙනුවට ඔහුගේ සිත ගියේ, ස්විට්සර්ලන්තයේ වැනි ෆෙඩරල් ක‍්‍රමයකටයි. අනතුරුව ඔහු, නායකයන්ගේ නිසි අනුදැනුමකින් තොරව ඒ සඳහා වන වෙනම සන්දේශයක් ඉදිරිපත් කෙළේය. මෙයට පුවත්පත්වල පුළුල් ප‍්‍රසිද්ධියක් ලැබුණි. කොන්ග‍්‍රස් නායක ජී. ජී. පොන්නම්බලම් සහ නියෝජ්‍ය නායක චෙල්වනායගම් ඉදිරියේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කෙරුණු අතර වහා ක‍්‍රියාත්මක වන පරිදි ඔහුව රැුකියාවෙන් අස්කෙරුණි.

1945 ජනවාරි 30 වැනි දා සෝල්බර් කොමිෂන් සභාව ඉදිරියට ගිය මයිල්වාගනම්, ෆෙඩරල් ක‍්‍රමයක් සඳහා වන තම සන්දේශය ඉදිරිපත් කොට සිටියේය.

ෆෙඩරල් පක්ෂය පිහිටුවීම

දෙමළ කොන්ග‍්‍රසයෙන් කැඞී වෙන්වුණු චෙල්වනායගම් 1949 දෙසැම්බර් 18 වැනි දා, ‘ෆෙඩරල් පක්ෂය’ නමින් අළුත් පක්ෂයක් පිහිටුවා ගත්තේය. ‘‘ලංකාවේ ෆෙඩරල් රාමුවක් තුළ, භාෂා පදනමක් මත, ස්වායත්ත දෙමළ ඒකකයක් පිහිටුවා ගැනීම හරහා, ලංකාවේ වෙසෙන දෙමළ කතා කරන ජනතාවගේ නිදහස දිනා ගැනීම’’ එහි අරමුණ විය. මෙසේ ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් වෙනුවෙන් ඔහු පෙනී සිටිය ද, චෙල්වනායගම්ට දෙමළ ජනතාවගේ සහයෝගයක් ලැබුණේ නැත. ෆෙඩරල් පක්ෂය පිහිටුවීමෙන් වසර තුනකට පසු 1952 දී මහ මැතිවරණයක් පැවැත්වුණි. එහි දී කන්කසන්තුරේ ආසනය සඳහා තරග කළ චෙල්වනායගම්ව පරාජය කරන ලද්දේ එකල බලවත්ව සිටි දෙමළ කොන්ග‍්‍රස් අපේක්ෂකයා විසින් නොව, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක, ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්ගේ බෑනා වන, එස්. නටේසන් විසිනි.

ෆෙඩරල් පක්ෂයෙන් අපේක්ෂකයන් 7 දෙනෙකු මේ මැතිවරණය සඳහා ඉදිරිපත් කෙරුණි. එයින් ජයගත්තේ, ත‍්‍රිකුණාමලය සහ කෝපෙයි ආසනවලින්, දෙන්නෙකු පමණි.

1956 වන විට භාෂා ප‍්‍රශ්නය මතුවෙමින් තිබුණි. පැය 24 ක් තුළ සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට බණ්ඩාරනායකට අවශ්‍ය විය. කැළණියේ පැවැත්වූ ස්වකීය පක්ෂ සම්මේලනයේ දී එක්සත් ජාතික පක්ෂය ද ‘සිංහල පමණයි’ ප‍්‍රතිපත්තිය පිළිගත්තේය. ‘සිංහල පමණයි’ ප‍්‍රතිපත්තිය මගින් ශ‍්‍රී ලංකාවට කලින් සිටියාට වඩා ශක්තිමත්, එක්සත් සහ වඩාත් ප‍්‍රගතිශීලී ජනතාවක් වශයෙන් ඉදිරියට ඒමට හැකි වෙතැ යි බණ්ඩාරනායක කියා සිටියේය.

ඇත්ත වශයෙන්ම, මේ ප‍්‍රතිපත්තිය මගින් ‘ශක්තිමත් සහ එක්සත් ජාතියක්’ වශයෙන් ශ‍්‍රී ලංකාවට මතුවන්නට ලැබුණේ නැත. ඒ මගින් එම රට දුර්වල කෙරුණි. හතුරු භාවය සහ අපේක්ෂා භංගත්වය මගින් විනාශ කෙරුණි. ශක්තිමත් රටක් වශයෙන් නැගෙන්නට නම්, ශ‍්‍රී ලංකාවේ එකම ප‍්‍රජාව සිංහලයන් ය යන හැඟීම ශ‍්‍රී ලංකාවේ මහ ජාතිය තුළින් තුරන් කළ යුතුව තිබේ.

විශේෂිත වූත්, එකිනෙකාගෙන් වෙනස් වූත්, වාර්ගිකමය වශයෙන් සවිඥානක වූත් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප‍්‍රජාවන් විසින් ශ‍්‍රී ලංකාව බහු-වාර්ගික රටක තත්වයට පත්කොට ඇති නිසා, ඒ සියළු ප‍්‍රජාවත් තෘප්තිමත් කෙරෙන විසඳුමක් සපයා ගැනීමට රටක් වශයෙන් අසමත් වන්නේ නම්, ‘එක රටක්, එක ජාතියක්’ යන ප‍්‍රතිපත්තිය නිරර්ථක අභ්‍යාසයක් වන්නේය. මේ අතරින් කිසිම තනි ප‍්‍රජාවකගේ අපේක්ෂාවන්, ‘ඒකීය ගණිතමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්’ හෝ පාර්ලිමේන්තුවාදී යාන්ත‍්‍රණයන් හෝ ඔවුන් මත පැටවීමෙන් මැඩපැවැත්විය නොහේ.

සැබෑ ජාතික රාජ්‍යයක් වීමට නම්, දේශපාලන බලය සිංහල-දෙමළ-මුස්ලිම් ප‍්‍රජාවන් අතර බෙදාහදා ගන්නා තෘප්තිමත් දේශපාලන වාතාවරණයක් ඇති කර ගැනීමට සෑම දේශපාලඥයෙකුම අත්වැල් බැඳ ගත යුතුව තිබේ.

ෆෙඩරල් ක‍්‍රමයක් මගින් ශ‍්‍රී ලංකාව කෑලිවලට කැඞී යතැ යි යන අතීතාහෘත භීතියට ඉතා හොඳින් පිළිතුරු දී ඇති සිංහල නායකයා ද බණ්ඩාරනායකම ය. 1926 ජුලි 27 වැනි දා යාපනේ පැවති, ආචාර්ය ඉසාක් තම්බයියා මුලසුන දැරූ රැුස්වීමක දී ඔහු මෙසේ කීය:

‘‘මේ ක‍්‍රමයට එරෙහිව දහසකුත් එකක් විරෝධතා මතුවිය හැකියි. එහෙත් ඒ විරෝධතා සමනය කළ පසු, ලංකාවට ඇති එකම විසඳුම වන්නේ, යම් ආකාරයක ෆෙඩරල් ක‍්‍රමයක්ම බවට මට සැකයක් නැත.’’

ඔහුගේ මේ අනාගතවක්තෘ සඳහන, ෆෙඩරල් ක‍්‍රමයක් මත බලය බෙදා ගැනීමේ අදහසට අද විරෝධය පාන දකුණේ නායකයන් වෙත ඉදිරිපත් කළ යුතුව තිබේ.

*2013 නොවැම්බර් 28 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Taking A Long View of Federal Formula & Power Sharing” ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 


https://www.colombotelegraph.com/index.php/c-v-vivekananthan-november-29-2013/

මිග්යානා ගනුදෙනුව

Monday, October 7, 2019

භාණ්ඩ ප්‍රවාහනය සදහා දුම්රිය

ශ්‍රී ලන්කන් ගුවන්යානා මිලදීගැනීමේ අලාභ

Part 4 - බැදුම්කරය පිළිබද විගණකාධිපති වාර්තා

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

මුදල් කොමිෂන් සභාව සහ එහි කාර්යභාරය

රජය විසින්ව වෙන්කරනු ලබන අරමුදල් පළාත් අතර බෙදා වෙන්  කිරීමට අදාල  මූලධර්ම පිළිබඳ නිර්දේශ ඉදිරිපත්කිරීම

http://fincom.gov.lk/recommandations/recommandations-2019/recommandation-2019-sn/


https://www.parliament.lk/uploads/documents/paperspresented/annual-report-finance-commission-2018-si.pdf

පුද්ගලීකරණය - හරි මග කුමක්ද

පුද්ගලීකරණය කියන නම ඇහෙන කොටම යම්කිසි බියක් දැනෙන එක සාදාරනයි. ශ්‍රී ලංකා ජන සමාජයේ පුද්ගලීකරණය පිළිබද ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. ලංකාවේ පුද්ගලීකරණය වන ක්‍රියාවලිය හරියාකාරව රටට යහපතක් වෙන විදියට වෙනවද කියල සංසන්දනය කරන්න හොදම විදිය අනෙකුත් රටවල් මේ ක්‍රියාවලිය කොහොමද කරලා තියෙන්නේ කියල නිරීක්ෂණය කරන එක.

මොනවද මේ Sovereign wealth funds

සිංගප්පුරුව 

රාජ්‍ය ව්‍යවසාය සියල්ල එක්කොට සිංගප්පූරුවේ Temasek Holdings මෙන් State Holding Corporation Limited ඇති කිරීමට පියවර ගෙන තිබේ. මෙහිදී අකාර්යක්ෂම හා දූෂිත රාජ්‍ය සේවකයින් වෙනුවට අත්දැකීම්ලත් විධායකයින් විසින් මෙම ආයතනය මෙහෙයවනු ඇත.

Singapore Airlines ද  සතුවන්නේ Temasek Holdings ටයි
(රජයේ සමාගම් පුද්ගලීකරණය කිරීමේ වැදගත්කම ගැන මාක් මෝබියස් මෙසේ කියයි).
http://www.ft.lk/columns/managing-public-assets-why-the-temasek-solution-wont-work-now-in-sri-lanka/4-385574

https://www.advocata.org/commentary-archives/tag/The+State+of+State+Enterprises+in+Sri+Lanka

http://www.sundaytimes.lk/101017/BusinessTimes/bt01.html

ශ්‍රී ලංකවේ වර්තමාන තත්වය 


ශ්‍රී ලංකාවේද මේ ක්‍රියාවලිය මුදල් අමාත්‍යංශය අනුබද්ධිත රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තුමේන්තුව හරහා වෙමින් පවතී. මීට අමතරව මුදල් අමාත්‍යංශය අනුබද්ධිත National Agency for Public Private Partnership (‘NAPPP’) මගින් මේ පිලිබදව කටයුතු කරමින් පවතී.

ශ්‍රී ලංකා ටෙලිකොම් මේ සදහා හොද උදාහරණයකි. ටෙලිකොම් ආයතනයෙන් 49.5% කොටස් ප්‍රමාණයක් සතු වන්නේ මුදල් අමාතංශය සතුවයි.

As per the shareholding structure of the Company, two major shareholders, namely the Government of Sri Lanka acting through the Secretary to the Treasury, and Global Telecommunication Holdings N.V. recommends five and four directors to the Board respectively. The Board as empowered by the AoA of the Company appoints them to the Board, filling casual vacancies after deliberation of their qualifications, experience, and expertise in relevant functional areas by the R & NC. However, all Directors appointed by the Board are required by the Company's AoA to be elected by shareholders at the first AGM after their appointment. In addition, in terms of the AoA of the Company, one third of the Directors, who are longest in service retire by rotation and may seek re-election at the AGM.
Annual Report - 2018 - SLT

මීට අමතරව Sri Lankan Airlines, CEB ඇතුළු ආයතන විශාල සංක්‍යාවක් රජය සතුව පවතී.

පුද්ගලීකරණය සහ අපේ රට...


අපේ රටේ පුද්ගලීකරණය සඳහා නම් දරලා තියෙන්නේ UNP ආණ්ඩු. 77-94, 2001-2004 ආණ්ඩු දෙකම ඉතා සාර්ථක විදියට රජයේ ආයතන විකුණලා රටට "මහා සංවර්ධනයක්" අත්කරලා දුන්නා. හැබැයි ඔය කියන පුද්ගලීකරණය කරපු විදිය හරිද? ඇත්තටම ඒකෙන් පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වෙට ආවද? නැත්තං අපි නැති උන එක විතරද උනේ? UNP ආණ්ඩු පෞද්ගලීකරණය කරන පට්ට පජාත තුප්පහි විදිය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලමු. 

ඉස්සෙල්ලාම කරන්නේ ඒ අදාළ ආයතනය බලෙං පාඩු ලබන තත්ත්වයට පත් කිරීම. ඒක කරන්න බොහොම ලේසියි. තමංගේ හෙංචයියෝ ඒ ආයතනයේ මුල් පුටුවලට පත්කරලා උවමනාවෙංම ඒ ආයතනය වැටෙන්න දෙනවා. ඉතාම වගකීමෙන් යුතුව කියන්නං, මම මේ ලිපිය ටයිප් කරන මේ වෙලාවෙදිත් රටේ තියෙන බොහොමයක් රජයේ ආයතන තුළ ඔය වැඩේ වෙනවා. 

ඊට පස්සේ තමංගේ ජනමාධ්‍ය හෙංචයියන් පාවිච්චි කරලා පත්තර පිටු, ටීවී චැනල්, දැං මේ අපේ මනෝරම කරනවා වගේ ෆේස්බුක්, වෙබ් සයිට් පුරවලා ජනමතයක් බලෙං ගොඩ නංවනවා මේ ආයතන පාඩුයි, මේවා පවත්වාගන්න බෑ කියලා. මිනිස්සුත් ඒක පිළිගන්නවා. ඇයි කරන්ට් එක නෑ. වතුර නෑ. කෝච්චි නෑ. සතොසේ බඩු නෑ. ඉතිං පාඩුයි තමයි. අපේ මුදලින් නඩත්තු වෙන ආයතන මෙහෙම කාළකණ්ණි වෙනවට කවුද කැමති. ජනමතය නිකංම හැදෙනවා, පෞද්ගලීකරණය ඉතා යහපත් දෙයක් විදියට. 

මේ ආයතන ඊට පස්සේ පෞද්ගලීකරණය කරනවා. ඒක කරන්නේ ඊට පජාත විදියට. ආයෝජක බුවා විදියට එන්නෙත් තමංගේ ගජ මිතුරෙක්, ගොට්ටෙක් හෝ ගැත්තෙක්. ඔය "මහා ආයෝජකයාට" ලංකා බැංකුවෙන්/මහජන බැංකුවෙන්/ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් දීර්ඝ කාලීන ණයක් අරගෙන දෙනවා අර විකුණන රාජ්‍ය ආයතනය මිලදී ගන්න. අන්තිමේ බලද්දී සෝ කෝල්ඩ් ආයෝජකයෝ ගෙනාව රෙද්දේ ආයෝජනයක් නෑ. ඌ සත පහක්වත් මේ රටට හෝ රජයට අලුතෙං ගෙනල්ලා දෙන්නේ නැහැ. 

අපේ රටේ මිනිස්සු බැංකුවල තැන්පත් කරපු සල්ලිවලිං ණයක් අරගෙන අපේම (රජය = මහජනතාව) ආයතනයක් මිලදී ගන්නවා. ඊට පස්සේ ඒක වට්ටන්න කළිං තිබ්බ සාමාන්‍ය තත්ත්වෙට ආයේ ගේනවා. එතකොට ප්‍රයිවටයිස් කිරිල්ල හොඳායි කියලා රටේ ඉන්න උ.බු.ජ හැමෝම උඩ පැනලා කියනවා. 

UNP ආණ්ඩු කාලේ කරපු හැම ප්‍රයිවටයිස් කිරිල්ලක්ම සිද්ධ කළේ ඔය විදියටම තමයි. ටයර් සංස්ථාව, සතොස, පේෂ කර්මාන්ත, ඔය මට මතක උදාහරණ කීපයක් විතරයි. තව උදාහරණ ඕනේ තරං ඇති. 77-94, 2001-2003 මේ කාල ප්‍රාන්තර දෙකේම කරපු දේ ආයේ 2015-20XX දක්වා වෙන්නෙත් ඒ විදියටම තමයි. මොකද කාලේ මාරු උනා කියලා වැඩේ කරවන උන්දැලා එකෙක්වත් මාරු උනේ නැහැ. උං ඔක්කෝම තව ටිකක් කට්ට කෛරාටික උනා ඇරෙන්න. 

පුද්ගලීකරණය කියන්නේ ඉතා හොඳ සංකල්පයක්. නමුත් UNP ආණ්ඩු විසින් කරන පුද්ගලීකරණයන් නිසා රටට වෙන්නේ වාසියක් නෙමේ මහා පරිමාණ අලාභයක්. ඒක තේරුම් ගන්න රොකට් සයන්ස් තියරි අවශ්‍ය නෑ. අපේ බැංකුවලින් ණය අරගෙන අපේ සම්පත්ම මිලදී ගෙන උං ලාභ ලබන පුද්ගලීකරණය එපා!!


Sunday, October 6, 2019

Part 3 - බැදුම්කරය ගැන කෝප් වාර්තාව



පෙබරවාරි 27 බිලියන 13.5 බැඳුම්කරයේ දී චෝදනාවක් ලෙස එල්ල වන්නේ ද්විතීයික වෙළෙඳපොළේ පොලී අනුපාතය සියයට 9.48 ක තිබිය දී මෙම බැඳුම්කරය 11.73 ක ඉහළ අනුපාතයකට ලබා දීම ගැන ය. මෙම අනුපාතය 0.05ක වෙනසකින් පමණක් වැඩි විය යුතු බවට මූල්‍ය මණ්ඩලයේ ප‍්‍රතිපත්තිමය නියමයක්ව තිබිය දී මෙලෙස වැඩි පරතරයකින් මෙම බැඳුම්කර නිකුත් කිරීම සැක සහිත බවට මෙම චෝදනාව එල්ල වී පවතී. එහෙත් මෙම පොලී අනුපාතය ඍජු ක‍්‍රමයෙන් වන මිලදී ගැනීම් වෙනුවෙන් පැවැති පොලී අනුපාතය බවත් එය ස්වාධීනව ඇති වූ පොලී අනුපාතයක් නොවන බවත් එජාප මන්ත‍්‍රීවරුන් සිය පාද සටහන්වල සඳහන් කර තිබුනි.

එනමුත් ඍජු ක‍්‍රමයෙන් අඩු පොලියට බැඳුම්කර නිකුත් කිරීම සිදු කළ හැකිව තිබූ බවත් ඒ මොහොතේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් බිලියන 6ක් ඉතුරුව තිබූ බවත් ඒ ලබාගෙන ඉතිරි මුදල පමණක් වෙන්දේසි ක‍්‍රමයට ගැනීමට හැකිව තිබූ බවත් හඳුන්නෙත්ති මහතා මධ්‍ය හමුවල දී ප‍්‍රකාශ කර තිබිණි. එහෙත් එසේ නොකර පර්පෙචුවල් සමාගමට වැඩි වාසියක් අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දුන් බවට චෝදනා කරන අතර මෙලෙස අයථා වාසියක් අත්පත් කර ගැනීම ගැන කෝප් කමිටු නිර්දේශවල ද මේ සම්බන්ධයෙන් වෙනම නීතිමය බලය සහිත ආයතනයක් මඟින් පුළුල් පරීක්ෂණයක් කළ යුතු බව කියයි. එහෙත් ඍජු ක‍්‍රමය වෙනුවට මුළුමනින්ම වෙන්දේසි ක‍්‍රමය යොදා ගන්නා ලෙසට මහ බැංකුවට උපදෙස් දුන් අගමැතිවරයා ගැන මෙම කෝප් වර්තාවේ සටහනක් නැත

ඒ කෙසේ නමුත් මෙලෙස යෙදූ පා සටහන් සම්බන්ධයෙන් නව දූෂණ විරෝධී පිල මතු කරන තර්ක එතරම් වලංගුභාවයක් නොමැති බව ද පෙනේ. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් මෙම කෝප් වාර්තාවේ 3.2 වගන්තිය යටතේ වන පරිච්ෙඡ්දයෙහි වට්ටම් අනුපාතිකයට බැඳුම්කර නිකුත් කිරීම හේතුවෙන් රජයට මූල්‍ය අවාසියක් ද සිදු වේ යන වැකියට එජාප කණ්ඩායම එකඟ වී නොතිබිණි.

ඒ බැඳුම්කර වෙළෙඳාමේ දී අනුගමනය කෙරෙන ක‍්‍රමවේදය අනුව පොලී අනුපාතය සම්බන්ධයෙන් ඇති තත්ත්වයට සාපේක්ෂව වාසි අවාසි තීරණය වීම සිදු වනවාය යන කරුණ හේතුවෙනි. එහෙත් එජාප මන්ත‍්‍රීවරු මතු කළ කාරණාව සම්බන්ධයෙන් නව දූෂණ විරෝධීන් මතු කළේ එජාපය මෙම විවාදයට තුඩුව තිබෙන බැඳුම්කරය සම්බන්ධයෙන් පාඩුවක් සිදුව නොමැති බව තහවුරු කිරීම සඳහා එම පාද සටහන යෙදූ බවය. නමුත් එම කරුණ සත්‍යයක් නොවේ. ඔවුන් මතු කළේ න්‍යායාත්මක කරැනු මෙලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් සකස් කළ වාර්තාවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් එජාප මන්ත‍්‍රීවරුන් පාද සටහන් කිහිපයක් දමමින් එම කරුණු අභියෝග යට ලක් කර තිබිණි. ඇතැම් පාද සටහනක් විගණකාධිපතිවරයාගේ පූර්ණ එකඟතාව මත සිදු කර තිබෙන බව ද වාර්තා විය.

මේ අනුව මෙලෙස මෙම පාද සටහන් සම්බන්ධයෙන් ගොඩනගන තර්ක දේශපාලනික වුවමනා පදනම් කරගෙන සිදු වන බව පෙනෙන්නට ඇත. එම කණ්ඩායම කොහොමත් සිටියේ බැඳුම්කරය මඟින් වංචාවක් සිදුව ඇති බවට දැඩි මතයක් සමාජගත කරමිනි. ආණ්ඩු බලය හොබවන එජාපය පක්ෂයක් ලෙස මුලින් පෙනී සිටියේ මෙහි වංචාවක් සිදුව නොමැතිය යන මතයේය. නමුත් කෝප් කමිටු සාමාජික එජාප නියෝජිතයන් එම මතය වෙනස් කර ගත්තා පමණක් නොව ජවිපෙ ට වඩා එහා ගොස් මේ තුළ වංචාවක් සිදුව ඇති බවත් වංචාකරුවන් ද නම් කරමින් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බවටත් ප‍්‍රසිද්ධියේ පවසන තැනට පත්ව සිටී.

නමුත් මෙම කෝප් වාර්තාව තුළ මේ කොතැනක හෝ වංචාවක් සිදුව ඇති බව හෝ වංචාකරුවකු ගැන වාර්තා නොකිරීමට පරිස්සම් වී ඇත. ඒ දැනුවත් භාවය අවබෝධය මත හෝ තම තමන්ගේ දේශපාලන වුවමනාවන්හි සැඟවුණු අරමුණු වෙනුවෙන් ගත්තා වූ පියවරක් ලෙස ද සැලකිය හැකියතත්ත්වය තවත් බරපතළ වන්නේ බැඳුම්කර නිකුතුවේ දී පසුගිය ආණ්ඩු සමයේ දී බහුලව අනුගමනය කළ සෘජු ක‍්‍රමය වෙනුවට සම්පූර්ණයෙන්ම වෙන්දේසි ක‍්‍රමය අනුගමනය කර අදාළ මුදල් උපයා ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දුන්නේ අගමැතිවරයා බවට මහ බැංකු අධිපතිවරයා පවසා තිබීම, ඔහුට මහ බැංකු අධිපතිවරයා ලෙස එම වගකීම බාර දී තිබුණේ අගමැතිවරයා විසින් වීම සහ මහ බැංකුව අගමැතිවරයා යටතේ තිබෙන ආමාත්‍යාංශයක් වීම මත අගමැතිවරයා මෙම චෝදනාවට වගකිවයුත්තා ලෙස සැක කිරීමෙහි සාධාරණයක් බැලූ බැල්මට මතු වන නිසාය.

නමුත් එම සාධාරණ සැකය කෝප් වාර්තාවේ නැත.
එමෙන්ම සභාපති හඳුන්නෙත්ති ප‍්‍රමුඛ දූෂණ විරෝධී කෝප් කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් පිටත දී එල්ල කරන බරපතළ චෝදනාවක් වන්නේ මහ බැංකු අධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් ක‍්‍රියාත්මක කිරීමට යාමේ දී මහ බැංකුවේ නීති රීති අනුව කටයුතු නොකර ඔහුගේ හිතුමනාපයට කටයුතු කිරීම නිසා මෙම ගනුදෙනුවේදී වංචාවක් සිදුව ඇති බවය..මහ බැංකු අධිපතිවරයා මුදල් අමත්‍යාංශ ලේකම්වරයා, ජනාධිපතිවරයා විසින් පත් කරන නියෝජිතයන් තිදෙනකු ආදී වශයෙන් වන මෙම මූල්‍ය මණ්ඩලය විසින් සම්පූර්ණයෙන්ම වෙන්දේසි ක‍්‍රමයට යන්නේද යන්න තීන්දුවක් ගත යුතුව තිබුණත් ඒ සිදු නොකර මහ බැංකු අධිපතිවරයා කෙළින්ම මෙම පෙබරවාරි 27 බැඳුම්කර ගනුදෙනුවේ ප‍්‍රධාන මෙහෙයුම සිදු කරන ටෙන්ඩර කමිටුවට බලපෑම් කර වෙන්දේසි ක‍්‍රමයට බිලියන 20 ක බැඳුම්කර මිලදී ගත යුතු බවට නියෝග කර ඇති බවට ගොඩනගන කරුණ ද අතාර්කික බව පෙනේ.


මෙම චෝදනාකරුවන් විසින්ම අන් තැනක පවසන්නේ අගමැතිවරයා හෝ මහ බැංකු අධිපතිවරයා හෝ කිව්ව පළියට මූල්‍ය මණ්ඩලය අනුමත කළ ගනුදෙනුවක් සිදු කිරීමට ටෙන්ඩර් කමිටුවට බලයක් නොමැති බවය. එය සත්‍යයකි. බැඳුම්කර කොපමණ නිකුත් කරන්නේද, එමඟින් මහ බැංකුවට අවම අවදානම හා අවම අවාසිය සලකා බලා ඒ තීරණය කිරීමේ බලය ඇත්තේ මෙම ටෙන්ඩර් කමිටුවටය. ඒ අනුව මෙම ගනුදෙනුව අනුමත කළ ටෙන්ඩර් කමිටුව මෙම ගනුදෙනුවේ ප‍්‍රධාන වගඋත්තරකරුවා වේ. එමෙන්ම බිලියන 20 ක බැඳුම්කර මිලදී ගන්නා ලෙස ටෙන්ඩර් කමිටුවට මහ බැංකු අධිපතිවරයා පැවසූව ද එම මතයට එරෙහිව යමින් බිලියන 20 ක් ගැනීම අවදානම් කියා එය 10 ක් දක්වා අඩු කළ යුතු බව මහ බැංකු අධිපතිවරයාට දැන්වීම සහ ඔහු විසින් ඒ පිළිගැනීම අනුව ද මෙම ගනුදෙනුවේ තීරකයා ටෙන්ඩර් කමිටුව බව තහවුරු වමේ අනුව අවශ්‍ය නම් මෙම ගනුදෙනුව මුළුමනින්ම නවතා දැමීමේ හැකියාවක් ද ටෙන්ඩර් කමිටුව වෙත තිබිණි. එහෙත් රජයේ මුදල් අවශ්‍යතාව මත බිලියන 13.5 දක්වා එම ගනුදෙනුව සිදු කරනු ලැබීමට ටෙන්ඩර් කමිටුවට සිදුව තිබිණි. එමෙන්ම මෙම අවස්ථාවේ දී මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් කමිටුවට නියෝග යක් හෝ බලපෑමක් සිදු නොකළ බව ද තහවුරුව ඇත. එමෙන්ම එම නිලධාරීන් සහ අධිපතිවරයා අතර ළැබැඳියාවක් තිබුණා නම් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැති බවත් පැහැදිලිය.

අනෙක් කරුණ මෙලෙස වෙන්දේසි ක‍්‍රමයක් අනුගමනය කිරීම හා වෙන්දේසිය නියමිත පරිදි පෙරවරු 11 ට අවසන් නොකර අමතර විනාඩි 08 ක් පවත්වාගෙන යාම නිසා පර්පෙචුවල් සමාගමට වැඩි අවස්ථාවක් ලබා දුන් බවට වන චෝදනාව ද ඵල රහිත බව පෙනේ. මන්ද, පෙරවරු 11 වන විට එම සමාගම සිය ලන්සුව ඉදිරිපත් කර තිබීමය. 11න් පසුව ලන්සු ඉදිරිපත් කර තිබුණේ වෙනත් සමාගමකි. එමෙන්ම මහ බැංකු අධිපතිවරයාට තමන්ගේ බෑනා සිටිනවා යැයි කියන පර්පෙනචුවල් සමාගමට වැඩි අවස්ථාවක් ලබා දීමේ වුවමනාව තිබුණේ නම් වෙන්දේසි ක‍්‍රමයට නොගොස් සෘජු ක‍්‍රමය මඟින් එම සමාගමටම මෙම බැඳුම්කරය ලබා දීමේ ඉතා පහසු හැකියාවක් තිබිණි. මුදල් මණ්ඩලය තුළ ඊට අදාළ ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන පසුගිය රාජපක්ෂ සමයේ දී මෙන් කිසිවකුත් නොදැන පෞද්ගලික මට්ටමෙන් මෙම බැඳුම්කර ගනුදෙනු අවශ්‍ය ලෙස සිදු කර ගැනීමේ හැකියාව ද තිබිණි. පසුගිය රාජපක්ෂ සමයේ දී හිටපු මහ බැංකු අධිපතිවරයා අනුගමනය කළ ක‍්‍රමය එය ය. එහි දී ඉහළ පොලී අනුපාත යටතේ මෙලෙස 30 අවුරුදු දීර්ඝකාලීන බැඳුම්කර ගණනාවක් නිකුත් කර ඇත. ඊට අනුව නම් පර්පෙචුවල් සමාගමට 30 අවුරුදු බැඳුම්කර සඳහා ලබා දුන් පොලී අනුපාතය පෙර බැඳුම්කර හා සැසඳීමේ දී අවම අගයක් බව ද සඳහන් කළ යුතුව ඇත.
කෙසේ නමුත් මහ බැංකු අධිපතිවරයා පර්පෙචුවල් සමාගමට වැඩි වාසි අත්පත් කර දීම සම්බන්ධයෙන් දැඩි චෝදනා නැගෙන්නේ ඔහුගේ බැනා වන අර්ජුන් ඇලෝසියස් මෙම සමාගමේ හිමිකරුවා හෝ අධ්‍යක්ෂවරයකු වීම පදනම් කරගෙනය. නමුත් එම චෝදනාව ද අපතේ යන තත්ත්වයක් මතුව තිබේ. ඒ මෙම පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තුළ අර්ජුන් ඇලෝසියස් මහතා කිසිදු වගකීමක් නො ඉසිලීම හෙළිදරව් වීම නිසාය. එනම් ඔහුගේ මාමණ්ඩිය වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරය බාර ගැනීමට සති කිහිපයකට පෙර ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත්ව ති⁣බේ.

වඩාත් වැදගත් කරුණක් වන්නේ මෙම බැඳුම්කර ගනුදෙනුවේ දී නීත්‍යනුකූල නොවන කිසිවක් සිදුව ඇති බවට ද වාර්තා නොවීමය. හන්ඳුන්නෙත්ති මහතා පසුගිය දා පැවැති රූපවාහිනී සාකච්ඡාවක දී මෙම ‘වංචාව’ සිදුව ඇත්තේ ‘නීත්‍යානුකූල ක‍්‍රමවේදය’ ඔස්සේ බවට කළ ප‍්‍රකාශයෙන් ද ඒ තහවුරු වෙයි. එසේ නම් දැන් ප‍්‍රශ්නය වී තිබෙන්නේ නීත්‍යනුකූලව සිදුව තිබෙන ගනුදෙනුවක් ‘වංචාවක්’ ලෙස අර්ථ දක්වන්නේ කෙසේද යන්නය. එසේම නීත්‍යනුකූලව සිදුව තිබෙන ගනුදෙනුවක් අධිකරණයක් දී වංචාවක් ලෙස ඔප්පු කරන්නේ කෙසේ ද යන්නය. එමෙන්ම කෝප් වර්තාවේ හෝ විගණකාධිපති විමර්ශන වාර්තාවේ වංචාව යන වචනය අඩංගු නොවීම ගැන හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසුවේ කෝප් වාර්තාවේ වංචාව යන වචනය නැතත් එම වාර්තාවේ සමස්තය තුළම වංචාව තිබෙන බවය. ඒ ලියා ඇති භාෂාව තුළ වංචාව සැඟවී තිබෙන බවය. එසේම තවත් රූපවාහිනී සාකච්ඡාවක දී කෝප් කමිටු සාමාජිකයකු වූ වීරකුමාර දිසානායක මන්ත‍්‍රීවරයා අර්ථ දැක්වූයේ විගණකාධිපති වාර්තාවේ ‘අලාභය’ යනුවෙන් සඳහන් කොට තිබෙන්නේ වංචාව යන වචනය බවය. මේවා අපූරු අර්ථකථනය...

එසේම කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සිය කමිටු වාර්තාව සකස් කිරීම සඳහා මුළුමනින්ම පදනම් කරගෙන තිබුණේ විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ විමර්ශන වාර්තාවය. මෙය යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමසුමක් මිස අවසන් වාර්ෂික විගණාධිපති වාර්තාවක් නොවේ. මෙම හේතුව මත විගණකාධිපති විමර්ශන වාර්තාවේ මතු කරනු ලබන කරුණුවල වලංගුතාව ද ගැටලූකාරිත්වයක් මතු කරනු ඇත. අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් සිදු විය හැකිව තිබෙන්නේ මේ ගනුදෙනු වඩා සදාචාරාත්මක කිරීමක් පමණක් විය හැකිය.

කෙසේ නමුත් මෙම කෝප් වාර්තාව සම්බන්ධයෙන් තව ගැටලූකාරී කරුණු රැ සක් මතුව තිබේ. එහෙත් මේ කුඩා ඉඩකඩ ඊට අවස්ථාව සීමා කර තිබේ. නමුත් අවසාන වශයෙන් යමක් කියන්නේ නම් සමස්තයක් ලෙස ගත් කල මෙම කෝප් වාර්තාව වචන සෙල්ලමකින් එහාට ගොස් ඇති ලියැවිල්ලක් හැර අනෙකක් නොවන බවයි.

එමෙන්ම මෙම කෝප් වාර්තාව නිකුත් කිරීමට පෙර ඒ ආසන්න කාලයේ දී සියලූම ජනමාධ්‍ය යොදාගෙන කෝප් වාර්තාව මඟින් මහා වංචාවක් හෙළිදරව් කර ඇති බවටත් අගමැතිවරයා හා අර්ජුන් මහේන්ද්‍ර වංචාකරුවන් බවටත් ඔහුගේ බෑණා මෙම වංචාවෙන් බිලියන ගණන් උපයා ගත් බවටත් තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම ජවිපෙත් මහින්දවාදී විපක්ෂයත් තරගෙට මෙන් කළේය. විශේෂයෙන් ජවිපෙ නායක අනුර දිසානායක හා ජවිපෙ අනුබද්ධ සංවිධානයක් වන දූෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහත් මේ අතරින් පෙරමුණේ වූහ. නමුත් ඔවුන් තහවුරු කරන්නට උත්සාහ කළ කිසිදු කරුණක් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හා පත් කළ මන්ත‍්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිගේ වාර්තාවේ අඩංගු වූයේ නැත. මේ අනුව කෝප් වාර්තාවට පෙර සිදු කළ කෑකෝ ගැසීම, මෙම වාර්තාව පුස් වෙඩිල්ලක් බව සැඟවීමට ගත් පූර්ව උත්සාහයක් බව සැක කළ හැකිව තිබේ. මේ වන විටත් කෝප් වාර්තාව මඟින් වංචාව හා වංචාකරුවන් හෙළි කර ඇති බවට සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින්නේ ද එබැවින් බව සැක කළ හැකියකෙසේ නමුත් එජාප කෝප් කමිටු සාමාජිකයන් එම වාර්තාව දියාරු බවට චෝදනා කරමින් සිටී. අගමැති රනිල්ගේ ගජ මිතුරා යැයි කියන අර්ජුන් මහේන්ද්‍රන් වංචාකරුවකු බවත් ඔහු වංචාවක් කර ඇති බවත් කියමින් එජාප මන්ත‍්‍රීවරුම ගෙන යන ප‍්‍රචාරය හමුවේ ද ජවිපෙ කෝප් කමිටුව වාර්තාව සැකසීමට ගොස් ඊට අසමත් වූ බව තහවුරු වන්නක්ව තිබේ. රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ මිතුරාව බේරා ගැනීමට ඉදිරිපත් වූයේ ද නැත.
එමෙන්ම මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එජාපයේ මතය කුමක්ද යන්න ගැන ද ව්‍යාකූල තත්ත්වයක් ගොඩනැගීමට එජාපය සමත්ව තිබේ. කොහොම වෙතත් මෙය රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ක‍්‍රමවේදයේ ඇති උපක‍්‍රමික භාවය ද විය හැකිය.

මෙහි දී අවධාරණය කළ යුතු අනිත් කරුණ නම් පර්පෙචුවෙල් සමාගම ද්විතීයික වෙළෙඳපොළෙන් අයථා ලෙස ලාබ උපයා ඇත්නම් එම මුදල් ආපසු අය කර ගැනීමට නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ඇතැමකු පැවසීම විහිළු සහගතය යන්නය. නීත්‍යනුකූලව සිදුව තිබෙන ගනුදෙනුවකින් ලැබෙන ලාබය කෙතරම් ඉහළ වුවත් එය අයථා ලෙස වර්ග කළ නොහැක.

එමෙන්ම එය යළි අත්පත් කර ගැනීම සිදු විය හැකි කි‍්‍රයාවලියක් නොවේ. එහෙත් යම් හෙයකින් හෝ එසේ සිදු වන්නේ නම් මූල්‍ය වෙළෙඳපොළම කඩා වැටෙනු ඇත. මන්ද, කවරෙකුගෙන් ලබා ගන්නා ලාභයක් ‘අයථා’ ලෙස හැඳින්වීම සිදු විය හැකි බැවිනි. එහෙත් යම් ලෙසකින් හෝ අධිකරණයක් හමුවේ මේ චෝදනා ගොනු වීම සිදු වන්නේ නම් ඒ රටට වැදගත් වනු ඇත. අද ප‍්‍රශ්නකාරීව තිබෙන ඇතැම් ක‍්‍රියාමාර්ග වෙනුවට වඩා පැහැදිලි ක‍්‍රමවේද සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දු බලපැවැත්වීම එවිට සිදු වනු ඇත. අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් සිදු විය හැකිව තිබෙන්නේ මේ ගනුදෙනු වඩා සදාචාරාත්මක කිරීමක් පමණක් විය හැකිය.

එසේම කෝප් වාර්තාවේ මේ වචන සෙල්ලමට සිදු වන්නේ කුමක්ද යන්න රටටම බලාගත හැකි වනු ඇති බවට සැකයක් නැත. එය සාධාරණ සැකයක් නොව වචනාර්ථයෙන්ම සැකයක් නැත....

Part 1 - මොනවද මේ බැදුම්කර - Introduction to Bond Market

බැදුම්කර යනු රජයට අවශ්‍ය දිගුකාලීන ණය ලබාගන්නා ක්‍රමවේදයකි.

බැදුම්කර ක්‍රියාවලිය 

මහබැංකුවට රු. 1000ක් ණය ලබාගැනීමට අවශ්‍ය යැයි සිතමු. මහ බැංකුව එවිට රු100 බැගින් වූ බැඳුම්කර නිකුත් කරන්නේනම්. සහ 10% පොලිය මත එවා නිකුත් කරයි නම්. මහ බැංකුව රු 100 බැඳුම්කරයක් දී , රු 90ක් ලබාගනී.(at maturity) රු 10ක් පොලිය ලෙස රජයට ගෙවීමට සිදුවේ. ඒ අනූව රජයට රු. 1000ක් ණය ලබාගැනීමේ මුලු පාඩුව රු. 100කි. එනම් පොලිය රු. 100/1000= 10%කි.

උදාහරණයක් ලෙස රජයට රැපියල් මිලියන 90ක ණයක් අවශ්‍ය වූ විට රජය විසින් මිලියන සියයක් සදහා රැපියල් මිලියනය බැගින් වූ බැදුම්කර සියයක් අසවල් දින වෙන්දේසියේ විකුණන බව ප්‍රසිද්ධ කරයි. එවැනි අවස්ථාවක රජයෙන් ඍජුවම බැදුම්කර මිළදී ගත හැක්කේ ප්‍රාථමික ගැණුම්කරුවන්ට පමණි.

රජය කාගෙන් ණය ලබාගත්තද ඊට අදාල පොලිය ගෙවීමට සිදුවේ.එනම් පාඩුවක් සිදුවේ. කිසිවෙකු නිකම්ම මුඳල් ලබාදෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජයට ණය සැපයීමට සුදුසුකම් ඇති ආයතන 16ක් පමණ ඇත. මෙම 16 දෙනාගෙන්ම රජය වරින් වර බැඳුම්කර නිකුත් කර ණය ලබාගනී.මෙකී ආන්දෝලනාතමක ගනුදෙනුව සඳහා උදාහරණයක්;

ශ‍්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු ආරම්භ කළේ 1997 වසරේ සිට ය. ආර්ථික විද්‍යා භාෂාවෙන් තොරව මේ ගැන සරලම අර්ථයකින් සඳහන් කරන්නේ නම් මෙමඟින් සිදු කළේ රජයට අවශ්‍ය මුදල් පොලී ගෙවීමේ පදනමින් ණයට ලබා ගැනීමය.

මෙහි දී රජයේ මුදල් අවශ්‍යතාව අනුව වෙන්දේසි ක‍්‍රමයෙන් ලන්සු කැඳවා හෝ ඍජුව මූල්‍ය ව්‍යාපාරික ආයතනයක් සමඟ ගනුදෙනුව කතා කරගෙන ණයට ගැනීම සිදු කරනු ලබයි.

මෙම බැඳුම්කර ගනුදෙනුවල අවදානම දරන්නේ රජය යි. මන්ද මෙම මුදල් සහ පොලිය ආපසු නියමිත දිනයේ දී ගෙවීමට රජය අනිවාර්යයෙන්ම බැඳී සිටීමය. බැඳුම්කර ආයෝජනය මූල්‍ය ආයතනයකට අවදානමක් නොවේ. එය ලාභදායක ගනුදෙනුවකි. එසේම සෑම බැඳුම්කර නිකුතුවකදීම රජයට අනිවාර්යයෙන්ම පාඩුවක් සිදු වේ. ඒ, ගෙවීමට සිදු වන පොලිය නිසා ය. එම නිසා බැඳුම්කර ගනුදෙනුවක පාඩුවක්, අලාභයක්, අවාසියක් වීම යන්න අමුතු දෙයක් නොව සාමාන්‍ය තත්ත්වයකි. දැනට සඳහන් වන ආකාරයට මෙන්ම මෙහි දී ගැටලූ පැනනගින්නේ පොලී අනුපාතය තීරණය වීමේ දී ය. රජයට අවම අවාසියක් වන ලෙස එය සිදු කිරීම මහ බැංකුවේ වගකීමකි. නමුත් ඒ තීරණය වන්නේ මූල්‍ය වෙළෙඳපොළ තත්ත්ව මතය.


ප්‍රාථමික ගැණුම්කරුවන්...

බැදුම්කර වෙළෙදපොලේ ගනුදෙනු කරන සමාගම්ය. ⁣බොහෝවිට වාණිජ බැංකු විය හැකිය. මේ දිනවල කතාබහට ලක්වී ඇති Perpetual Tresuries සමාගම එවන් ප්‍රාථමික ගැණුම්කරුවෙකි. ඔවුන් රැපියල් සියයේ බැදුම්කර වෙන්දේසියෙන් රැපියල් අනූව බැගින් මිලට ගෙන කල්පිරීමේදී ඒවා ආපසු රජයට දී එක් බැදුම්කරයකට රැපියල් සියය බැගින් ලබාගතහොත් ඔවුන්⁣ට එක බැදුම්කරයකින් රැපියල් දහයක පොලියක් ලැබී ඇත.


ද්විතීයික වෙළෙදපොල...

බැඳුම්කර මිලදී ගැනීමෙන් ආරම්භ වන එමෙන්ම ප‍්‍රාථමික වෙළෙන්දන්ගේ ලාභ ලැබීම එතැනින් අවසන් නොවේ. බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව ලැබෙන ලියවිල්ල අවශ්‍ය නම් නැවත විකිණිය (ද්විතීයික වෙළෙඳපොළ) හැකි ය. 

මෙහිදී සිදුවන්නේ රජය වෙතින් ඍජුවම නොව ප්‍රාථමික ගැණුම්කරුවන් වෙතින් බැදුම්කර මිලට ගැනීමයි. උදාහරණයක් ලෙස රැපියල් 100 බැදුම්කරයක් රැපියල් 90කට රජයෙන් මිළදීගත් A නම් ප්‍රාථමික ගැණුම්කරු එය රැපියල් 95කට C යන අයට විකිණීම දැක්විය හැක. එවිට Aගේ ලාභය රැපියල් 5කි. පසුව බැදුම්කරය කල්පිරීමේදී Cට එය රජයට ලබාදී රැපියල් 100ක් ලබාගත හැකිය. එය Cගේ ලාභයයි.

එම ගනුදෙනුවෙන් උපරිම ලාභ ලැබීමට නම් මේ ද්විතීයික වෙළෙඳපොළ පොලී අනුපාතය, මූල්‍ය හැසිරීම්වල ස්වභාවය ගැන අවබෝධයෙන් යුතුව සුදුසුම වෙලාවේ ඒ විකුණා ගැනීම සිදු කිරීමෙන් මහ බැංකුවෙන් බැඳුම්කර මිල දී ගැනීම නිසා ලැබිය හැකි පොලී අනුපාතටය වඩා වැඩි ලාභයක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතී. එය නැවත නැවතත් විකිණීම ද සිදු විය හැකි ය. එසේම ඒ තුළ පොලී අනුපාත මත ලාභ උච්චාවචනය වන්නට ද ඉඩ ඇත. මෙය තරමක් සංකීර්ණ ක‍්‍රියාවලියකි.


බැදුම්කර වෙන්දේසිය:-

බැදුම්කර වෙන්දේසියේ සිදුවන්නේ ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් බැදුම්කර සදහා රජයට ලංසු ඉදිරිපත් කිරීමයි. එහිදී රජයට වැඩිම ණය මුදලක් අඩුම පොලියට ලබාගත හැකි ලංසු වලට බැදුම්කර නිකුත් කිරීම සිදුකරයි. උදාහරණයක් ලෙස රැපියල් 100 බැදුම්කර වෙන්දේසියේදී පිළිවෙලින් රැපියල් 90, 92, 95 වැනි මිළගණන් වලට ලංසු ඉදිරිපත් වී තිබේනම් රජයට වඩාත් වාසිදායක රැපියල් 95කට බැදුම්කර විකිණීමය. මන්ද එවිට රැපියල් 95ක ණය මුදලක් ලබාගත හැකි අතර ගෙවිය යුතු වන්නේ රැපියල් 5ක පොළියක් පමණි.


අභ්‍යන්තර තොරතුරු ..... 

බැදුම්කර නිකුතුවට අදාල රහස්‍ය වූත් සංවේදී වූත් ⁣තොරතුරක් මෙසේ හැදින්වේ. උදාහරණයක් ලෙස රැපියල් 100ක බැදුම්කරයක් සදහා ලැබී ඇති උපරිම ලංසුව වන්නේ 85 බව යම් ආයෝජකයෙකු දැනගතහොත් ඔහු ලංසුව තබනු ඇත්තේ 86කට පමණි. එයින් පාඩු 2ක් රජයට සිදුවේ. එකක් නම් ලැබෙන ණය ප්‍රමාණය අඩුවීමය. අනෙක ගෙවීමට සිදුවන පොළිය අධික වීමය. යම් හෙයකින් එම ආයෝජකයා 95ක ලංසුවක් ඉදිරිපත් කලේ නම් එය රජයට බො⁣හෝ වාසිදායක වන්නට තිබුණි. මෙය අභ්‍යන්තර තොරතුරක් පාවිච්චි කර ගනුදෙනුවක් සිදුවිය හැකි එක් ක්‍රමයක් පමණි. 

තවත් අනේකවිධ ස්වරූපයන්ගේ උදාහරණ තිබිය හැක. අයුතු ලාභය.... සාධාරණ ලෙස තරගකාරීව බැදුම්කර මිළදී නොගෙන ඉහත පරිදි තමාට දැනගන්නට ලැබෙන අභ්‍යන්තර තොරතුරක් මත යම් පුද්ගලයෙකු උපයන ලද ලාභය අයුතු ලාභයක් බවට පත්වන අතර එයින් තමන්ට සිදුවන පාඩුව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අයකර ගැනීමට අලාභ විදින පාර්ශවයට හැකියාව ඇත.


බැදුම්කර නිකුතු ක්‍රියාවලියද මෙහි දක්වා ඇත්තේ ඕනෑම අයෙකුට පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා හැකි උපරිම ලෙස සරළ කිරීමෙන් පසුවය. ප්‍රායෝගික ක්‍රියාවලිය මීට වඩා බොහෝ සංකීර්ණ එකකි.
ප‍්‍රාථමික වෙළෙන්දා ලාභ ලබා ගැනීම පාලනය කිරීමේ හැකියාවක් රජයට (මහ බැංකුවට) නොමැත. නමුත් ඊට බලපෑම් කළ හැක්කේ පොලී අනුපාත ඉහළ දැමීමේ අවස්ථාව අවම කිරීමට මහ බැංකුව කි‍්‍රයා කිරීම හරහාය.

මෙහි දී සාමාන්‍ය පවතින පොලී අනුපාතය මහ බැංකුවේ හුදු කැමැත්ත නොවේ. ඊට බලපාන රටේ ආර්ථිකමය කරුණු කාරණා රැසක් වෙයි. එම නිසා එය පාලනය කිරීම පහසු ද නොවේ. මෙරටේ ජනතාව ආයෝජනය කිරීමට දක්වන අධික මැළිකම (රජය විසින් සහනාධාර අධික ලෙස ලබා දීම ද මෙය කෙරෙහි බලපා ඇත.) රජයේ වියදම් වැඩි වීම, බදු අය කර ගැනීම සීමා වීම ආදී කරුණු කාරණා රැසක් අවසානයේ දී මෙම පොලී අනුපාතය කෙරෙහි බලපායි.


විදුලිබල නිපැයුම


United States

In the United States About 63% of this electricity generation was from fossil fuels (coal, natural gas, petroleum, and other gases). About 20% was from nuclear energy, and about 17% was from renewable energy sources.

Singapore

As of 2015, Singapore uses natural gas (95%) and waste (4%) for power stations' fuel. Oil used to contribute 23% in 2005 but now is down to 1%.

Sri Lanka



Gross Domestic Product - දළ දේශීය නිෂ්පාදිතය

හැදින්වීම 

වසරක කාලයක් තුල රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල මූල්‍යමය වටිනාකමයි. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම සඳහා පාදක වර්ෂය යොදාගනී. (දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම: ‘සෙප්පඩ විජ්ජා’ හරහා ඇතැමුන් ජනතාව මුළා කිරීමට ගන්නා නිවට වෑයමක්,  පාදක වර්ෂය වෙනස් කිරීම පිළිබද මාධ්‍ය නිවේදනය )

ලෝකයේ විවිධ රටවල දල දේශීය නිෂ්පාදනය (ඩොලර් බිලියන)

  • ඇමරිකාව - 21,344 (වැඩිම )
  • යුරෝපා සංගමය  - 18,705
  • චීනය - 14,216
  • ජපානය - 5,176
  • ජර්මනිය  - 3,963
  • ඉන්දියාව- 2,971
  • මහා බ්‍රිතාන්‍ය - 2,829
  • ප්‍රංශය- 2,761
  • ඔස්ට්‍රේලියාව  
  • මැලේසියාව (33rd - 373)
  • බංගලාදේශය  (39rd - 314)
  • නවසීලන්තය  (51st- 210)
  • ඉතියෝපියාව  (63rd - 90)
  • ශ්‍රී ලංකාව (65th - 84)