Sunday, October 6, 2019

Part 1 - මොනවද මේ බැදුම්කර - Introduction to Bond Market

බැදුම්කර යනු රජයට අවශ්‍ය දිගුකාලීන ණය ලබාගන්නා ක්‍රමවේදයකි.

බැදුම්කර ක්‍රියාවලිය 

මහබැංකුවට රු. 1000ක් ණය ලබාගැනීමට අවශ්‍ය යැයි සිතමු. මහ බැංකුව එවිට රු100 බැගින් වූ බැඳුම්කර නිකුත් කරන්නේනම්. සහ 10% පොලිය මත එවා නිකුත් කරයි නම්. මහ බැංකුව රු 100 බැඳුම්කරයක් දී , රු 90ක් ලබාගනී.(at maturity) රු 10ක් පොලිය ලෙස රජයට ගෙවීමට සිදුවේ. ඒ අනූව රජයට රු. 1000ක් ණය ලබාගැනීමේ මුලු පාඩුව රු. 100කි. එනම් පොලිය රු. 100/1000= 10%කි.

උදාහරණයක් ලෙස රජයට රැපියල් මිලියන 90ක ණයක් අවශ්‍ය වූ විට රජය විසින් මිලියන සියයක් සදහා රැපියල් මිලියනය බැගින් වූ බැදුම්කර සියයක් අසවල් දින වෙන්දේසියේ විකුණන බව ප්‍රසිද්ධ කරයි. එවැනි අවස්ථාවක රජයෙන් ඍජුවම බැදුම්කර මිළදී ගත හැක්කේ ප්‍රාථමික ගැණුම්කරුවන්ට පමණි.

රජය කාගෙන් ණය ලබාගත්තද ඊට අදාල පොලිය ගෙවීමට සිදුවේ.එනම් පාඩුවක් සිදුවේ. කිසිවෙකු නිකම්ම මුඳල් ලබාදෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජයට ණය සැපයීමට සුදුසුකම් ඇති ආයතන 16ක් පමණ ඇත. මෙම 16 දෙනාගෙන්ම රජය වරින් වර බැඳුම්කර නිකුත් කර ණය ලබාගනී.මෙකී ආන්දෝලනාතමක ගනුදෙනුව සඳහා උදාහරණයක්;

ශ‍්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු ආරම්භ කළේ 1997 වසරේ සිට ය. ආර්ථික විද්‍යා භාෂාවෙන් තොරව මේ ගැන සරලම අර්ථයකින් සඳහන් කරන්නේ නම් මෙමඟින් සිදු කළේ රජයට අවශ්‍ය මුදල් පොලී ගෙවීමේ පදනමින් ණයට ලබා ගැනීමය.

මෙහි දී රජයේ මුදල් අවශ්‍යතාව අනුව වෙන්දේසි ක‍්‍රමයෙන් ලන්සු කැඳවා හෝ ඍජුව මූල්‍ය ව්‍යාපාරික ආයතනයක් සමඟ ගනුදෙනුව කතා කරගෙන ණයට ගැනීම සිදු කරනු ලබයි.

මෙම බැඳුම්කර ගනුදෙනුවල අවදානම දරන්නේ රජය යි. මන්ද මෙම මුදල් සහ පොලිය ආපසු නියමිත දිනයේ දී ගෙවීමට රජය අනිවාර්යයෙන්ම බැඳී සිටීමය. බැඳුම්කර ආයෝජනය මූල්‍ය ආයතනයකට අවදානමක් නොවේ. එය ලාභදායක ගනුදෙනුවකි. එසේම සෑම බැඳුම්කර නිකුතුවකදීම රජයට අනිවාර්යයෙන්ම පාඩුවක් සිදු වේ. ඒ, ගෙවීමට සිදු වන පොලිය නිසා ය. එම නිසා බැඳුම්කර ගනුදෙනුවක පාඩුවක්, අලාභයක්, අවාසියක් වීම යන්න අමුතු දෙයක් නොව සාමාන්‍ය තත්ත්වයකි. දැනට සඳහන් වන ආකාරයට මෙන්ම මෙහි දී ගැටලූ පැනනගින්නේ පොලී අනුපාතය තීරණය වීමේ දී ය. රජයට අවම අවාසියක් වන ලෙස එය සිදු කිරීම මහ බැංකුවේ වගකීමකි. නමුත් ඒ තීරණය වන්නේ මූල්‍ය වෙළෙඳපොළ තත්ත්ව මතය.


ප්‍රාථමික ගැණුම්කරුවන්...

බැදුම්කර වෙළෙදපොලේ ගනුදෙනු කරන සමාගම්ය. ⁣බොහෝවිට වාණිජ බැංකු විය හැකිය. මේ දිනවල කතාබහට ලක්වී ඇති Perpetual Tresuries සමාගම එවන් ප්‍රාථමික ගැණුම්කරුවෙකි. ඔවුන් රැපියල් සියයේ බැදුම්කර වෙන්දේසියෙන් රැපියල් අනූව බැගින් මිලට ගෙන කල්පිරීමේදී ඒවා ආපසු රජයට දී එක් බැදුම්කරයකට රැපියල් සියය බැගින් ලබාගතහොත් ඔවුන්⁣ට එක බැදුම්කරයකින් රැපියල් දහයක පොලියක් ලැබී ඇත.


ද්විතීයික වෙළෙදපොල...

බැඳුම්කර මිලදී ගැනීමෙන් ආරම්භ වන එමෙන්ම ප‍්‍රාථමික වෙළෙන්දන්ගේ ලාභ ලැබීම එතැනින් අවසන් නොවේ. බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව ලැබෙන ලියවිල්ල අවශ්‍ය නම් නැවත විකිණිය (ද්විතීයික වෙළෙඳපොළ) හැකි ය. 

මෙහිදී සිදුවන්නේ රජය වෙතින් ඍජුවම නොව ප්‍රාථමික ගැණුම්කරුවන් වෙතින් බැදුම්කර මිලට ගැනීමයි. උදාහරණයක් ලෙස රැපියල් 100 බැදුම්කරයක් රැපියල් 90කට රජයෙන් මිළදීගත් A නම් ප්‍රාථමික ගැණුම්කරු එය රැපියල් 95කට C යන අයට විකිණීම දැක්විය හැක. එවිට Aගේ ලාභය රැපියල් 5කි. පසුව බැදුම්කරය කල්පිරීමේදී Cට එය රජයට ලබාදී රැපියල් 100ක් ලබාගත හැකිය. එය Cගේ ලාභයයි.

එම ගනුදෙනුවෙන් උපරිම ලාභ ලැබීමට නම් මේ ද්විතීයික වෙළෙඳපොළ පොලී අනුපාතය, මූල්‍ය හැසිරීම්වල ස්වභාවය ගැන අවබෝධයෙන් යුතුව සුදුසුම වෙලාවේ ඒ විකුණා ගැනීම සිදු කිරීමෙන් මහ බැංකුවෙන් බැඳුම්කර මිල දී ගැනීම නිසා ලැබිය හැකි පොලී අනුපාතටය වඩා වැඩි ලාභයක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතී. එය නැවත නැවතත් විකිණීම ද සිදු විය හැකි ය. එසේම ඒ තුළ පොලී අනුපාත මත ලාභ උච්චාවචනය වන්නට ද ඉඩ ඇත. මෙය තරමක් සංකීර්ණ ක‍්‍රියාවලියකි.


බැදුම්කර වෙන්දේසිය:-

බැදුම්කර වෙන්දේසියේ සිදුවන්නේ ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් බැදුම්කර සදහා රජයට ලංසු ඉදිරිපත් කිරීමයි. එහිදී රජයට වැඩිම ණය මුදලක් අඩුම පොලියට ලබාගත හැකි ලංසු වලට බැදුම්කර නිකුත් කිරීම සිදුකරයි. උදාහරණයක් ලෙස රැපියල් 100 බැදුම්කර වෙන්දේසියේදී පිළිවෙලින් රැපියල් 90, 92, 95 වැනි මිළගණන් වලට ලංසු ඉදිරිපත් වී තිබේනම් රජයට වඩාත් වාසිදායක රැපියල් 95කට බැදුම්කර විකිණීමය. මන්ද එවිට රැපියල් 95ක ණය මුදලක් ලබාගත හැකි අතර ගෙවිය යුතු වන්නේ රැපියල් 5ක පොළියක් පමණි.


අභ්‍යන්තර තොරතුරු ..... 

බැදුම්කර නිකුතුවට අදාල රහස්‍ය වූත් සංවේදී වූත් ⁣තොරතුරක් මෙසේ හැදින්වේ. උදාහරණයක් ලෙස රැපියල් 100ක බැදුම්කරයක් සදහා ලැබී ඇති උපරිම ලංසුව වන්නේ 85 බව යම් ආයෝජකයෙකු දැනගතහොත් ඔහු ලංසුව තබනු ඇත්තේ 86කට පමණි. එයින් පාඩු 2ක් රජයට සිදුවේ. එකක් නම් ලැබෙන ණය ප්‍රමාණය අඩුවීමය. අනෙක ගෙවීමට සිදුවන පොළිය අධික වීමය. යම් හෙයකින් එම ආයෝජකයා 95ක ලංසුවක් ඉදිරිපත් කලේ නම් එය රජයට බො⁣හෝ වාසිදායක වන්නට තිබුණි. මෙය අභ්‍යන්තර තොරතුරක් පාවිච්චි කර ගනුදෙනුවක් සිදුවිය හැකි එක් ක්‍රමයක් පමණි. 

තවත් අනේකවිධ ස්වරූපයන්ගේ උදාහරණ තිබිය හැක. අයුතු ලාභය.... සාධාරණ ලෙස තරගකාරීව බැදුම්කර මිළදී නොගෙන ඉහත පරිදි තමාට දැනගන්නට ලැබෙන අභ්‍යන්තර තොරතුරක් මත යම් පුද්ගලයෙකු උපයන ලද ලාභය අයුතු ලාභයක් බවට පත්වන අතර එයින් තමන්ට සිදුවන පාඩුව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අයකර ගැනීමට අලාභ විදින පාර්ශවයට හැකියාව ඇත.


බැදුම්කර නිකුතු ක්‍රියාවලියද මෙහි දක්වා ඇත්තේ ඕනෑම අයෙකුට පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා හැකි උපරිම ලෙස සරළ කිරීමෙන් පසුවය. ප්‍රායෝගික ක්‍රියාවලිය මීට වඩා බොහෝ සංකීර්ණ එකකි.
ප‍්‍රාථමික වෙළෙන්දා ලාභ ලබා ගැනීම පාලනය කිරීමේ හැකියාවක් රජයට (මහ බැංකුවට) නොමැත. නමුත් ඊට බලපෑම් කළ හැක්කේ පොලී අනුපාත ඉහළ දැමීමේ අවස්ථාව අවම කිරීමට මහ බැංකුව කි‍්‍රයා කිරීම හරහාය.

මෙහි දී සාමාන්‍ය පවතින පොලී අනුපාතය මහ බැංකුවේ හුදු කැමැත්ත නොවේ. ඊට බලපාන රටේ ආර්ථිකමය කරුණු කාරණා රැසක් වෙයි. එම නිසා එය පාලනය කිරීම පහසු ද නොවේ. මෙරටේ ජනතාව ආයෝජනය කිරීමට දක්වන අධික මැළිකම (රජය විසින් සහනාධාර අධික ලෙස ලබා දීම ද මෙය කෙරෙහි බලපා ඇත.) රජයේ වියදම් වැඩි වීම, බදු අය කර ගැනීම සීමා වීම ආදී කරුණු කාරණා රැසක් අවසානයේ දී මෙම පොලී අනුපාතය කෙරෙහි බලපායි.