මිලියන 82ක ජනගහනයක් සහිත ඉරානය මැදපෙරදිග දෙවන විශාලතම රටයි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. ටෙහෙරාන් ඉරානයේ අග නගරයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර රටවල් විසින් ඔවුන්ට අවැසි පාලකයෙක් 1953දී පත් කලද පසුව ඉරාන් විප්ලවයෙන් පසු 1963දී පාලනයක් පිහිටුවන ලදී. 1980 කාලයේදී ඉරාකය සමග ඉරානය දරුණු යුද්ධයක නිරත විය.
ඉරානය දිනකට බොර තෙල් බැරල් මිලියන 4 ක් නිෂ්පාදනය කරයි. ලෝකයේ ඛණිජ තෙල් සංචිතවලින් 1/10 ක් පිහිටා තිබෙන්නේ ඉරානයේය. ඒ අනුව ඉරානය, ලෝකයේ 4 වැනි විශාලතම ඛණිජ තෙල් නිෂ්පාදකයා බවට ද පත්ව තිබේ. පර්සියානු ගල්ෆ් සාමාජිකයෙකු වන ඉරානය ඒ අනුව එම පර්සියානු ගල්ෆ් අරාබි රටවල් 7 හි එක් සාමාජිකයෙක්ද වේ. ලෝකයේ ඛණිජ තෙල් සංචිතවලින් 60%ක්ම පිහිටා තිබෙන්නේ පර්සියානු ගල්ෆ් කලාපයේ ය. මේ රටවල් 7 වන්නේ ඉරාකය, ඉරානය, බහරේන්, ඕමානය, කටාර්, ක්වේට්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.
ඉරාන වැසියන්ගෙන් 98%ක් පමණම ඉස්ලාම් ආගමිකයන් ය. එයින් ද 89%ක්ම ෂියා මුස්ලිම්වරුන් ය. සුන්නි මුස්ලිම් වැසියන් 9%ක් පමණ සිටින අතර, ඉතිරි 2% ක්‍රිස්තියානි, බහායි, යුදෙව් සහ සියොනිස්ට්වාදීන් ය. නමුත් ඔවුන් පැවතගෙන එන්නේ එකිනෙකට අතිශයින් වෙනස් වාර්ගික කණ්ඩායම්වලින් වීම පුදුම සහගත ය.
ඒ අනුව ඉරාන ජාතිකයන් ඉරානයේ සිටින්නේ 61%ක් පමණයි. 16%ක් අසිරි ජාතිකයන් ය. කුර්දිවරුන් 10%කි. ලුර්වරුන් 6%කි. බලූක් ජාතිකයන් 2%කි. අරාබි ජාතිකයෝ ද, තුර්කිමෙනිස්ථානියෝ ද වෙනත් තුර්කි ගෝත්‍රවලින් පැවතගෙන එන්නෝ ද ඒ අතර වෙති.
ඉරානය, ඉතිහාසයේ වැඩිම කාලයක් තුළ ලෝකයේ පැවතියේ පර්සියාව වශයෙනි. නමුත් 1925-1941 කාලයේ ඉරානයේ ෂා රජුගේ පෙළපතට අයත් රේසා ෂා පල්පවි රජු සිය රට පර්සියාව නොව ඉරානය වශයෙන් හඳුන්වන්නට පටන් ගත්තේය. 1935 නව වසරේ පටන් එය නිල වශයෙන් ඉරානය ලෙස හැඳින්වේ. 1979 වසරේ ෂා රජ පෙළපත, ඉරාන පූජකයන් විසින් අතුගා දැමීමෙන් පසුව ඉරානය, ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුව බවට නිල වශයෙන් පත් විය.
කලාපීය තත්ත්වය
සෞදි අරාබිය සහ ඉරානය පර්සියානු බොක්ක කලාපයේ ප්‍රබලයා වීම සඳහා තරගයක නියැලෙන බව ප්‍රකට කරුණක්. මීට දශක කිහිපයකට පෙර ගල්ෆ් සහයෝගීතා කවුන්සිලය පිහිටුවා ගනු ලැබුණේ සෞදිය සහ මිත්‍ර රටවල් අතර සහයෝගය වර්ධනය කරන අදහසින්. මෙම කවුන්සිලයට සෞදි අරාබියට අමතරව බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර්, කුවේට්, ඔමාන් යන රටවල් අයත් වනවා.
2017 ජූනි 5 වන දා සෞදි අරාබිය සහ තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග සබඳතා අත්හිටවූවා. මීට ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයෙන් එක් වූයේ එක්සත් අරාබි එමීර් සහ බහරේන් යන රාජ්‍යයන් පමණ යි. කෙසේ නමුත් මේ සමග ඉරානය සහ කටාර් අතර සබඳතා වර්ධනය වුණා.