Monday, August 12, 2019

Part 2 - බැදුම්කර ගණුදෙනුව පිළිබද සියලු දේ

මොනවද මේ බැදුම්කර?

බැඳුමකර යනු රජයට අවශ්‍ය දිගුකාලීන ණය ලබාගන්නා ක්‍රමවේදයකි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් නම් සමාගම. 

මෙම සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවට ණය ලබාගන්නා ආයතනයක් ලෙස අවසර ලබන්නේ 2013 වසරේදීය. එමෙන්ම මෙම ආයතනය ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලබන්නේ 2014 වසරේදීය. මෙම ආයතනය පර්පචුවල් සමූහ සමාගම් ජාලයේ තවත් එක් සමාගමකි. මෙම පර්පචුවල් ව්‍යාපාර ජාලයේ හිමිකරවා වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ කෝටිපති ව්‍යාපරිකයෙකු වූ කටා ඇලෝසියස්ගේ මුණුඹුරා වන අර්ජුන් ඇලෝසියස් ය.

එවකට ඔහුගෙ සීය සතු සමාගම් 23ක් පමණ තිබූ අතර පුස්සල්ලාව ප්ලාන්ටේෂන්, මතුරට ප්ලාන්ටේෂන්, ෆ්‍රීලංකා හයිඩ්‍රෝ පවර්, ෆ්‍රීලංකා හෝල්ඩින්ග්ස්, ෆ්‍රීලංකා ඩිස්ට්‍රිබියුෂන්, අපනයන හා ආනයන වලට සම්බන්ධ ප්‍රදාන පෙලේ අයතන මෙනම HDFC බැංකුවේ ප්‍රධාන හිමිකාරුවද විය.

ආන්දෝලනය

බැඳුම්කර ගනුදෙනුවක් නිසා ආන්දෝලනයට තුඩුව තිබෙන පර්පෙචුවල් ට‍්‍රෂරීස් නම් ප‍්‍රාථමික වෙළෙන්දා 2015 මාර්තු මාසයේ සිට 2016 මාර්තු මාසය දක්වා බිලියන 5කට වැඩි ලාභයක් අත්පත් කරගෙන ඇති බව බව වාර්තා වූයේ මෙලෙස ද්විතීයික වෙළෙඳපොළ තුළ ඔහු මහ බැංකුවෙන් ලබා ගත් බැඳුම්කර විකිණීමෙන් විශාල ලාභයක් අත්පත් කර ගැනීමට සමත් වීම නිසා ය.

නමුත් මෙම කාලය තුළ එම ආයතනය විසින් විවිධ කාලවලට සීමා වන බැඳුම්කර මිල දී ගැනීම් 55ක් පමණ සිදු කර ඇත. එහි දී ලන්සු තැබීමෙන් බිලියන 600ක පමණ බැඳුම්කර ගනුදෙනුවක් සිදු කර ඇත. නමුත් එලෙස බැඳුම්කර ගනුදෙනු කීරීමට තරම් එම ආයතනයට වත්කමක් ඇත්තේ නැත. ඔවුන් ද එම මුදල් තවත් මූල්‍ය ආයතන හරහා පොලියට ලබා ගනිමින් මෙම ගනුදෙනු සිදු කර ඇත. එම සමාගම සම්බන්ධයෙන් වන චෝදනාව වන්නේ 2013 අගභාගයේ දී ආරම්භ කළ එම සමාගමට 2014 දී බිලියන 1ක වත්කමක් නොතිබූ නමුත් එම සමාගමට වසරක් තුළ බිලියන 5කට වැඩි ආදායමක් ලැබුණේ කෙසේද යන්න ගැන ය. ඔවුන් විසින් සිදු කර තිබෙන ගනුදෙනු ප‍්‍රමාණය සලකා බැලීමේ දී එය එතරම් ලාභයක් නොවන බව ද පහසුවෙන් තේරුම් ගත හැකියමෙම ආයතනය පමණක් නොව අනෙක් ප‍්‍රාථමික ගැනුම්කරුවන් වුව ද ද්විතීයික ගනුදෙනු හරහා සිය ලාභ ප‍්‍රතිශත වැඩි කර ගැනීම සිදු කරගෙන ඇත. බැඳුම්කර ගනුදෙනුවේ ස්වභාවය මෙලෙස වන අතර එවැනි ක‍්‍රමයක් පවත්වාගෙන යාමට ඉඩකඩ ලබා දී ඇත්තේ රජයේ හදිසි මූල්‍ය අවශ්‍යතාව මත රජයට ගනුදෙනු කිරීමට සිදු වන මේ ප‍්‍රාථමික වෙළෙඳුන් බංකොලොත් නොවී තබා ගැනීම, ඔවුන්ව රැක ගැනීම රජයේ වගකීමක් යුතුකමක් පමණක් නොව ඒ මත රැඳීමට ද රජයට සිදුව ඇති නිසාය.


අර්ජුන් මහේන්ද්‍රන් 

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම චෝදනාවට ලක්වූ ඔහු අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටී.


Sources